පලමු දිගහැරුම
(සත්‍ය කතාවකි)
නම් ගම් මනංකල්පිතයි
මේ කතාව කොතනින් පටන්ගන්නද කියලා මටම හිතාගන්න බැහැ...
මේක මගේ ජීවිත කතාව තව විදියකට කිව්වොත් ආදර කතාව.💘
මම ගැන කිව්වොත් මම ඉෂාන් කියලා හිතන්නකෝ. මම සාමාන්‍ය පවුලක එකම පිරිමි ලමයා.👦එතකොට එයා ඒ කිව්වේ මගේ සුදුමැණික චමී. එයත් සාමාන්‍ය පවුලක එකම දුව.👩
මම රස්සාවකට කියලා කලේ එක්තරා මන්ත්‍රීවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම් විදියට වැඩ කරපු එක තමයි. මම ගොඩක්ම සතුටක් ලබපු දෙයක් තමයි කාට හරි මට පුලුවන් විදියට උදව් කරන එක.මේ දේවල් කිව්වේ පොඩ්ඩක් පැහැදිලි වෙන්නයි මගේ ආදරේ පටන් ගන්නේ මේ රස්සාව නිසාම වුන නිසයි.😏
ඉතින් මම මගේ රස්සාව කරගෙන කාලය ගතවෙලා යද්දි දවසක් මම FB එකේ එක ගෑනු ලමයෙක් එක්ක මැසේජ් කරන්න ගත්තා.එයා තමයි අර කලින් කිව්ව මගෙ මැණික චමී. ඉස්සර මම ඉතින් කෙල්ලෙක් දිහා කෙලින් බලන් ඔය ලව් ගැන කියන්න තරම් ගටක් තිබ්බ එකෙක් නෙවෙයිනේ. ඒ නිසා කාලයක් මැසේජ් කරද්දි අදහස් හුවමාරු වෙද්දි හැගීමක් දැනුනත් ඒක ඒ තරම් ගණන් ගත්තේ නැහැ.
පස්සේ ඔහොම යනකොට දවසක් මම චමීට කිව්වා නංගි ඔයාට ජොබ් එකක් හදාගන්න මට උදව් කරන්න පුලුවන් ඒ නිසා කැමති නම් CV එකක් අරන් අපේ ඔෆිස් එකට එන්න කියලා. පස්සේ දවසක ලස්සන චූටි ගෑනු ලමයෙක් ආවා එයාගේ තාත්තා එක්ක ඔෆිස් එකට ඒ කිව්ව දේවල් සේරම අරගෙන.එදා තමයි මට එයා ගැන ඇත්තටම ආදරයක් ඇති වුනේ.එදා මට දැනුනු ඒ හැගීම හරිම පුදුම හැගීමක්.ඒක මතක් වෙද්දි අදටත් මොනවද වෙනවා හිතට මටත් නොදැනිම.😔
ඊට පස්සේ මම චමී එක්ක චැට් කරත් කවදාවත් මගේ ආදරේ එයාට කියන්න මම බය වුනා එක්කෝ එයා මම ගැන වැරදියට හිතයි නැතිනම් මට බනියි කියලා. කොහොම හරි කාලය යද්දි දවසක් එක ගැසට් එකක් දැකලා මම චමීට කිව්වා ඒකට ඇප්ලයි කරන්න ඒක දාගන්න පුලවන් කියලා . ඒවගේම එයා ඒක දාලා විභාග ලියලා ඉන්න අතරේ මට මතකයි එක දවසක මම මන්ත්‍රීතුමා එක්ක එක රැස්වීමකට ගිහිල්ලා ආපහු එන ගමන් කඩේක තේ බොන්න නවත්තපු අතරේ චමීට චැට් කරද්දි එයා නැටුම් තරගෙකට ගිහිල්ලා හිටියේ. මම ඉතින් එදා ෆොටෝ එකක් ඉල්ලුවා පලවෙනි වතාවට. එයා මට එව්වා ලස්සන සුරංගනාවියක් පහතරට ඇදුමින් ඉන්න ෆොටෝ එකක්. ඔව් ඒ වෙන කවුරුවත් නෙවෙයි ඒ හිටියේ මගේ මැණික චමී.😍
පස්සේ ටික කාලයක් යද්දි බදවාගැනීම් කරන්න විභාග ප්‍රථිපල ආව ගමන්ම මම අමාත්‍යංශයේ ලේකම්තුමාගෙන් පුද්ගලිකවම උදව්වක් ඉල්ලුවා චමී වෙනුවෙන් මට ඒ වේකන්සි එකට චමෝව දාලා ඕන කාටවත් අයින් කරන්න බැරි විදියට කියලා මොකද එයාට සුදුසුකම් ඕන තරම් තිබුනා අනික හැමතැනම වෙන දෙයක් තමයි මන්ත්‍රීලට ඇමතිලට ඕන අයව තමයි සුදුසුකම් තියෙන අයව කපලා හරි දාගන්න බලන්නේ. ඔය හේතුව දන්න නිසාමයි මම අර ලේකම්තුමාගෙන් ඒ උදව්ව ඉල්ලුවේ.මුස්ලිම් මහත්තයෙක් වෙලත් ඒ ලේකම්තුමා මට පොරොන්දු වුනා වගේම ඒ පත්වීම එදා හදලා දුන්නා. ඒකට එතුමට අදටත් මම පින් දෙනවා හුගාක් ගරු කරනවා.🙏
කොහොම හරි දවස් ගෙවිලා ගිහිල්ලා චමී ඒ රස්සාවේ පත්වීම අරගන්න එයා එයාගේ අම්මයි තාත්තයි එක්ක හුගාක් සතුටින්.ඉතින් මාත් හුගාක් සතුටු වුනා. පස්සේ චමෝ මගෙන් ඇහුවා අයියට මොනවද ඕන කියලා එයාට අර රස්සාව ගන්න කරපු පුංචි උදව්වට.මම අදටත් එහෙම කියන්නේ ඒ රස්සාව හම්බුනේ චමීගේ සම්පූර් ණ මහන්සියේ ප්‍රථිඵලයක් විසියට නිසයි.මොකද එයා විභාගේ පාස්වුනේ නැතිනම් ඒකට යන්න බැහැනේ.මම කලේ සිලෙක්ෂන් ලිස්ට් එකෙන් ඇතුලට දාගත්තු එක විතරයි.ආ කියන්න බැරි වුනානේ ඉතින් එයා මොනවද ඔන කියලා ඇහුවම මම කිව්වේ සතුටින් පරිස්සමෙන් ඒ රස්සාව කරන් ජීවත් වෙන්න කියලලු කියලා අද චමීම කියනවා මට.
කාලය එහෙම වේගෙන් යද්දි මට හිතුනා දැන් මේක හිතේ හිරකරන් හිටියා ඇති මම චමීට කොහොම හරි ආදරේ කියනවා කියලා හිතාගෙන එයා නිවාඩුවට ගෙදර යන දවසක හවස මාත් ටවුන් එකට ගියා තවත් හෙල්මට් එකක් අරන් එයා එක්ක එයාගේ ගෙදර ගිහිල්ලා හැමදේම කතා කරනවා එයාගේ අම්මලාගෙන් මම එයාව ඉල්ලනවා කියලා ලොකු ගටක් අරන් හිටියා හන්දියට වෙලා. ඊට ටික වෙලාවකට පස්සේ මම ආයෙමත් හුගාක් කාලෙකට කලින් අර එදා දැක්ක ලස්සන පුංචි කෙල්ලව දැක්කා ලස්සන ගවුමක් ඇදලා පයින් එනවා මම හිටිය හරියට. ඊට පස්සේ එයා බැංකුවේ CDMA මැෂින් එකෙන් සල්ලි වගයක් දාලා ආයෙම ආවම මම කිව්වා මේ හෙල්මට් එක අරන් නගින්න බයික් එකට ගෙදරට ගිහිල්ලා දාන්නම් කියලා.මාත් මහ මෝඩයෙක් මොන කෙල්ලද එහෙම එක සැරේ ආදරෙයිවත් නොකිව්ව එකෙක් එක්ක බයික් එකේ යන්නේ කියලා කල්පනා කලේ නැහැනේ මම.
කොහොම හරි බස් එකට පරක්කු වෙනවා කියලා චමී එතනින් ඉක්මනට ගියා. මම ජීවිතේ හැමදේම පරාදවුන හැගීමකින් එතනින් ගෙදරට ආවා එයා මට කැමති නැතුව ඇති ඒ නිසා යන්න ඇති කියලා හිතාගෙන.හුගාක් දුක් වුනා තනියම ආදරේ කරලා හුගාක් විදෙව්වා අර සින්දුවකත් තියෙන්නේ ‘නොකා නොබී දුක් වින්ද අතීතය යලි මට සිහි වෙනවා කියලා’ ඒ වගේම මමත් නොකා නොබී ඉන්න ඇති අනන්තවත්.හැබැයි ඒ හැමදේකටම හේතුවත් මමමයි.😭
(දෙවන දිගහැරුමෙන් හමුවනතුරු)
