Wednesday, May 29, 2019

මතක අමතකයිලූ
ඔව් ඒ හිතට එකඟයිලූ
මාව දන්නෙ නෑලූ
දැකලා වාගේ පුරුදුයිලූ

දන්නැතිකමට ළං වි රත්තරන්
මම ඔබට පෙම් කළේ ඉස්තරම්
පව් කරල වැඩක් නෑ සිල් අරන්
මම යන්නම යන්නම් සමු අරන්

ඔබ හින්ද වැටුණු අපරාදෙ කඳුළු
පසුතැවෙන තැනට වැටූණ මං
මම හීන දැකපු හැමදාම පෙනුණු
සුදු මූන ඔබගේ රත්තරන්

අමතකයි නම් පෙම් කෙරුව මං
ලෝකෙට මොනවාද කියන්නෙ
කිසිම වරදක් නොකෙරු ලෙස දැන්
ඔබ කොහොමද ජීවත් වෙන්නෙ

දන්නැතිකමට ළං වි රත්තරන්
මම ඔබට පෙම් කළේ ඉස්තරම්
පව් කරලා වැඩක් නෑ සිල් අරන්
 මම යන්නම යන්නම් සමු අරන්

ඔබ හින්ද වැටුණු අපරාදෙ කඳුළු
පසුතැවෙන තැනට වැටුණ මං
මම හීන දැකපු හැමදාම පෙනුණු
සුදු මූන ඔබගේ රත්තරන් //

ඔබට පිං දැන් හොඳ වැඩී මං
කවදා හරි තේරුම් යයි නේ
මා එපා නම් යන්න පුළුවන්
මොනවාද බලාගෙන ඉන්නේ

දන්නැතිකමට ළං වි රත්තරන්
මම ඔබට පෙම් කළේ ඉස්තරම්
පව් කරලා වැඩක් නෑ සිල් අරන්
 මම යන්නම යන්නම් සමු අරන්

Sunday, May 26, 2019

සිත ඔබ ගැන අසනා මොහොතක් පාසා
මතකෙට තුරුළු වෙලා..
ඔබ සමඟින් ගත කල දින සිහිකරලා
තනියෙන් විදවමි මා..
මේ හිත මාගේ - සනසනු බෑනේ..
යලි පෙර වාගේ - ඔබ එන්නෑනේ..
හමුවන්නට ආයේ...

ගෙවෙනා දිනයක් පාසා..
ඔබමයි පැතුවේ සැමදා..
යලි නෑ එන්නේ ඔබ මා..
සොයා කිසිදා...

පෙර හැම දිනයේ ඔබ හමුවන්නට
ඉවසුම් නැතිව ලදේ..
මඟ බලමින් සතුටින් සිටි තැන් අද
කදුලින් තෙමෙයි මගේ..
නොබලා යන රුව නොඅසා කටහඬ
මම අද ඉන්නේ කෙසේ..

ගෙවෙනා දිනයක් පාසා..

ඔය මුව තුරුලට ගත්විට මොහොතක
නෙත් දෙස බලා මගේ..
මතු හැම බවයෙම මගේම වනබව
මතකද ඔබ කීදේ..
මහමෙර වාගේ දැනුනා ඒ දේ
මටනම් ඒ මොහොතේ...

ගෙවෙනා දිනයක් පාසා
ඔබමයි පැතුවේ සමදා..
යලි නෑ එන්නේ ඔබ මා
සොයා කිසිදා...
මං දමා…
ඔබ එදා…
මගෙ හිතින්…
නික්මිලා…
හැංගිලා…
ඇයි ඔයා…
ආදරේ… හැරදමා…
ඔබ සිහිවෙද්දී ඉනු කදුලු සගවා…
නෙතු හොර රහසෙ පිස දැම්මේ මා…
මගෙ හිතින්…
වෙන් වෙන්න කාරනා…
තාම් දන්නෑනෙ මා…
ඔබ එන්කල් තනියෙන් ඉදලා…
හිත හොදටම අද මුලා වෙලා…
තව සැරයක් ඇවිදින් සොයලා…
යනවද හිත හඩලා…
කොයිතරම් කාලයක් ගත වුනත් තාම නෑ…
දුක නිවී හදවතේ…
ආයෙමත් ඒවි නම්
නෑ තවත් මේ වගේ…
තනිකමක් හිමි වුනේ…
ලොවෙන් හොරා…
වහන් වෙලා…
විදින්නම් දුක මෙසේ…
මග හැරයන්න ඇයි පෙම් කලේ…
ඔබ එන්කල් තනියෙන් ඉදලා…
හිත හොදටම අද මුලා වෙලා…
තව සැරයක් ඇවිදින් සොයලා…
යනවද හිත හඩලා…
ඔබ මගේ කී ලෙසින්
යලි ඇවිත් මා සොයා…
හිස තියා පපු තුරේ…
පෙර වගේ ආදරෙන්
දැවටුනොත් කෝල වී
සැනසුමයි ජීවිතේ…
ඔබෙන් එහා…
හෙටක් නොයා…
ඉදින්නම් පණ මගේ…
මට පවසන්න ඇයි හැර ගියේ…
ඔබ එන්කල් තනියෙන් ඉදලා…
හිත හොදටම අද මුලා වෙලා…
තව සැරයක් ඇවිදින් සොයලා…
යනවද හිත හඩලා…

Saturday, May 18, 2019


අහන් ඉන්න මගෙ
හද ගැහෙන හඞ
එක හිතයි මට
තියෙන්නෙ .....
නුඹ ගැනයි හිත
අහන්නෙ ...

බලා ඉන්නෙ මගෙ
ඇස්‌ දිහා නම්
එක රුවයි නුඹ
දකින්නෙ
නුඹෙ රුවයි

එහි මැවෙන්නෙ

කොහෙද ඉන්නෙ
තාම දන්නෙ නැහැ
හීනමයි මම
දකින්නෙ

නුබ නමින් හිතේ ඉපදුනු ආදරයට
නුබ කරනා කෙනෙහිලිකම් නිමක්‌ නැත
එහෙත් මගේ ජීවිතය වන් වූ නුබව
කෙලෙසනම් මම අත් හැරදා යන්නද……..

අපේ අතීතය සිහි කරනනුබ සමගින් ඇවිද ගිය මන්මාවත්
කෙලෙස අමතක කරන්නද මම….
ජීවිතේ අතරමග අත්හැරදා යන්නට….
කුමකට නුබ සෙනෙහසින් ලන් උනාද……