දන්නවද හැමෝම කියනවා මට වෛර කරන්නලු ඔයාට....
හිනාවෙවී දග කර කර උන්නු මම මෙහෙම පැත්තකට වෙලා කල්පනා කරන තැනට දැම්මට,
හිනාව මගේ මූනෙන් අතුරුදහන් කරාට, තිස්සෙම කදුලු පුරව ගත්ත ඇස් උරුම කරාට
වෛර කරන්නලු ඔයාට...
එයාලා නොදන්නවා උනාට මම ඔයාට වෙනදටත් වඩා දැන් ආදරේ කරනවා...
හේතුව මට "විරහව" කියන රහ හුරු කරාට, ජීවිතෙ කිසි දෙයක් සදාතනික නැති බව කියලා දුන්නට, ආදරේ,,,, ආදරේ කියන්නෙ
මහම මහ බොරුවක් කියලා ඉගැන්නුවට...
එයාලා කියනවා කෙනෙක් ඒවිලු ආයම මට හිනාව අරගෙන, සතුට අරගෙන...
මට නං ඒක විහිලුවක්...
ආදරේ කියන්නෙ මහම මහ ආත්මාර්තකාමී හැගීමක්....
තව කෙනෙක්ගෙ හැගීම් සෙල්ලමකට අරගෙන තමන්ගෙ ඕනෑ එපාකම් ඉශ්ට කර ගන්න මිනිස්සු හදා ගත්ත ලේසි වචනයක් අාදරය කියන්නෙ....
අවංකකම, විශ්වාසය කියන්නෙ ආදරය ඇතුලෙ විහිලුවක්. රැවටීම, වංචාවට මිනිස්සු දුන්නු ගෞරවනීය නම තමයි ආදරේ කියන්නෙ...
කැඩුනු වීදුරු කොයි තරම් හැදුවත් පලුදු එහෙමමයි...
මගේ හිතත් ඒ වගේ දැන්...
හැගීම් මරලා දාලා ඉවරයි දැන්
හුස්ම වැටෙන රොබෝ කෙනෙක් මං...
ඒ ජීවිතේ හොදයි
හැගීමි ඉස්සර කරගෙන විදවනවට වඩා...
No comments:
Post a Comment