Monday, May 18, 2020

මම ආසයි....

මුවහත් පුංචි
බ්ලේඩ් තලයකින්
මගේ
අත කපාගෙන
අතින් ගලනා
රතුම රතු පාට
ලේ බිඳිති දිහා බලන්
ඒ ලේ බිඳිති වලින්
මට ඔය සුදු මුහුණ
බලන්න....
ඔය සුදු මුහුණ දකින...

මම ඊටත් වඩා අසයි

හයියෙන් ගැටහපු
කඹයක් වහලයෙන් ඇදලා
මගේ පුංචි බෙල්ල
එකෙන් හිර කරන්
දෙපැත්තට පැද්දිලා
ඔන්චිලි
පදින්න...

මම ඔය ඔක්කටම වඩා අසයි

රසම රස
වහ බෝතලයක් අරන්
රස කර කර බිලා
එ රසයෙන් තියෙන
මිහිරි බව
සති ගනන් වුනත්
මතක් කරන්න

මේ ඔක්කටම වඩා මම ආසයි

මහා රෑට
පාළු සොහොනක් ලඟට ගිහින්
අපේ ආදරය මරලා වළදාපු
ඒ සොහොන් කොත
ලඟට ගිහින්
මළ ගී වැල් කියන්න...
අපේ ආදරේ වෙනුවෙන්
මැරිච්ච හීන මවන්න...

අනේ මගේ මේ පුංචි
ආසාවල්
ඉෂ්ට වෙන්න
තව කොච්චරක් නම් කල් යයිද .....

Tuesday, May 12, 2020

හිතත් එක්ක කතාවක්..

"එපාද?"

"කාවද?"

"එයාව"

"එපා"

"ඇත්තටම"

"ඔව් කවදාවත්ම"

"ශුවර්ද?"

"ඔව්"

"එහෙනම් නිදිමරාගෙන ලාස්ට් සීන් බලන් ඉන්නේ?හුඟ වෙලාවකින් ඔන්ලයින් ඇවිල්ලා නැත්තම් යන්න පුලුවන් ඔක්කොම ඇප් අස්සේ ගිහින් ඒත් ඔන්ලයින් නැත්තම් පිස්සුවෙන් වගේ හොයන්නේ?"

"ඒ තාමත් ආදරේ හින්දා,ඒත් ආයෙමත් එපා"

"හරි එහෙනම් ඉඳලා හිටලා හරි මැසේජ් එකක් දැම්මම ලෝකෙම ලැබුනා වගේ සතුටු වෙන්නේ එපා හින්දද"

"ඒ උනාට එපා"

"ම්ම්ම්.එපා කියලා කිව්වට හිතන් ඉන්නේ කවදාහරි දවසක තැනකට ඇවිත් එයා ඉස්සරහට යන්න ඕනි කියලා නේද"

"ම්ම්ම්"

"කවදාවත්ම එපා නම් ඇයි ආයේම එයා ඉස්සරහට යන්න ඕනි කියන්නේ?අමතක කරනවා නම් එහෙම යන්න ඕනිද"

"දන්නෑ"

"උඹ පව් බන්"

  හිතත් එක්ක කරපු කතාවෙදිත් පරාද උනේ මමමයි.
ඉතින් මැණික තේරුම් ගත්තා උඹ නැතුව ජීවිතයක් නැති බව.....

😔😔😔
ආදරේ වේදනාව වැඩිම
අත හරිනකොට නෙවෙයි
මග හරිනකොට...

අල්ලගෙන ඉන්නෙත් නැති
අත් හරින්නෙත් නැති
බැදීමක හිරවෙනකොට...

උබ මොන හේතුවකට උනත්
බැදීමක් අත් හරිනවනම්...
මග අරින්න එපා බන්
මනුස්සයෙක් විදියට
කෙලින්ම කියලා අයින් වෙයන්...

මොකද උබ රිද්දන ඒ
හිත උබේ වෙනස්කම්වලට හේතුවක්වත් නොදැන
අසීමිතව විදවනවා ඇති...

කතා කරන උබව දකින
වාරයක් මොහොතක්
ගානෙම උන් පිච්චෙනවා ඇති...

කදුලු සාගරයක් ගැලුවත්
උබට ඒ වේදනාව නොදැනෙනවා
ඇති...
උබ උන්ට උබව එපා කරවලා
උන්ටම උබෙන් ඈත් වෙන තැනට
වැඩ කරන්න ඕනේ ඇති...
මොකද උබ කැමති නෑ
උබ නිසා බැදීම කැඩුනා කියලා
ලෝකෙන් දොස් අහන්න...

උබට ඕනේ ඒ අහිංසක
හිත් වලටම වැරදි පටවන්න...

උන් නින්දක් නැතුව
උබ ගැන හිතද්දි...
උබ සැප නින්දක ඇති...
මොකුත් නොවුන ගානට
උබට පුලුවන් ඇති
වෙන උන් එක්ක ලස්සනට
හුරතල් වෙන්න...
උබට උන් වෙනුවෙන් කාලෙත්
ඇති හිතේ හැටියට...

උබට ඇමතුමක් කෙටි පනිවිඩයක්
ප්‍රතික්ශේප කරන එක
දුරකතනය ක්‍රියාවිරහිත කරන එක
උන්ව බ්ලොක් කරලා
දාන එක හරි
සරල ඇති...

ඒත් උන් හූල්ල හූල්ලා
උබ ගැනම හිතනවා ඇති...
උබව පරිස්සම් කරපන් කියලා
මතකෙට එන හැම දෙවියෙක්ම
වදිනවා ඇති...

අන්තිමේට උබෙන් වෙනසට
හේතු අහලා අහලම
උබෙන් උත්තරයක් නැතුවම
උන් යන්නම යාවි...
හැබැයි මතක තියාගනින්
උන් යන්නෙ ජීවිතෙන් වැටිලා
උන්වම අහිමි කරන්...

උන් ගියා කියලා දැනුනාම
උබට කට කොනකට
හිනාවක් ගියාද
ඒ කරදරෙත් ඉවරයි කියලා
හිතුවද...
එහෙනම් උබට හොදටම
වැරදිලා බන්..
උබ අතහැරියේ උබගේ ජීවිතේ
එලිය...
ඒ එලිය නැතිවෙද්දි උබට
පාර නොපෙනෙද්දි
උබට දැනෙන්න ගනියි
ඒ ආදරේ 🖤|🌸
             

Friday, May 8, 2020

#විඩාබර ඇස්
හොයන්නේම නින්ද..

ඒත් හිතට කොයින්ද සැනසීමක්
දෙන්න ඇස් වලට සුව නින්දක්..

හිත හාරවුස්සන්නේම
ඉස්සර ඔයා එක්ක
ගෙවිච්ච මතකම වෙච්ච කොට..
සුවබර නින්දක් නෑ
මේ ඇස් දෙකට..

ඔයා මාව අතෑරපු දවසේ පටන්ම
මට මාවත් නැති වෙච්චකොට
කොයින්ද ඇස් දෙකටත් සැනසීමක්
කඳුළු පුරව පුරව වාන් දමනකොට..

හිත ඔයාවම ඉල්ලනකොට
ඇස් ඉල්ලුවේම සුව නින්දක්
මොහොතකට හරි සැනසෙන්න..
පවු මගේ ඇස් දෙකත්
වේදනා විඳින තරමක්..

මං කියලා මොනව කරන්නද..?
හිතට දැනෙන දුක,වේදනාව
කඳුළු වෙලා පිට වෙද්දි
බෑ මට ඉවසගන්න..
ඉතින් ඇස් දෙකට වෙන්නෙ අඬන්න..

හිත රිදවගන්න බෑ මට..
අඬන්නත් බෑ හැමතිස්සෙම
ඉතින් මොහොතක් හදාගන්නවා
මේ හිත අමාරුවෙන් හරි මම..

ඒත් ඇස් පියවෙන තත්පරේදිම
ඔයාගෙ රූපෙ ඇස්මත්තෙ මැවෙනකොට
කොහොමද දෙයියනේ මම
ඉවසගන්නෙ ඒ වේදනාව..

සමාවෙයන් මට..
ඇස් දෙක
උඹට තව කාලයක් ඉවසගන්න වෙයි
ඔය වේදනාව..
පිටාර ගලන්න දීපන්
උණු කඳුළු..
දුක දියවෙලා යන්නම..
කවදා හරි ඉවරයක් වෙයි බන්
මේ වේදනාව..

අනේ එතකන් ඉවසපන්..
රිදවනවට සමාවෙයන්...
මට හිත හදා ගන්න
ඔය කඳුළු පිට කරපන්..
අවසානයක් දකින්න
මේ පෑරෙන වේදනාවේ..

#මට ආයෙම ඉස්සර හිටිය
මමම වෙන්න ඕන මට
ඉක්මනටම..

බුදුසරණයි

Saturday, April 25, 2020

#ඔහේ පාඩුවේ
මං මගේ ජීවිතේ ගෙවද්දි..
අහම්බෙන් වගේ උඹ ඇවිත්
මට ලං වුනා..

මං කියද්දිත් බැඳීම් වලට මං බයයි,
හිත රිද්ද ගන්න බෑ මට
උඹට ළං වුනොත්
ආයෙත් හැරෙන්නත් බෑ මට
ඒ තරම්ම මං ආදරේ කරයි කියලා
උඹ මොනවද කිව්වෙ බන්..
නෑ බයවෙන්න එපා අයියේ
මං ඔයාව අතාරින්නෙ නෑ
මාත් ඒ තරම් ආදරෙයි කියලා..

ඉතින් මං ඒ වචන විශ්වාස කරා..
උඹට මහා ගොඩක් ආදරේ දුන්නා..
අනාගතේ ගැන මහ ගොඩක් හීන මැව්වා..

ඔවු ඒ හීන හරිම ලස්සනයි..

මතකද උඹෙයි මගෙයි
දරු පැටවුන්ටත් අපි නම් තිබ්බා..
මං දාපු නම කැතයි කියලා
උඹ මාත් එක්ක හරි හරියට
රණ්ඩු කරා..

ඔවු බන් මං උඹෙන්
මාරම විදියට ආදරේ වින්දා .
මේ හිතේ උඹවම තියාන
මහ ගොඩක් ආදරෙන් රැක්කා..

සමහර දාට පැය ගනන්
කෝල් කරා..
ඇත්තටම කතා කරන්න
මොන තරම් නම් දේවල්
තිබ්බද අපි දෙන්නට..
කොහෙන් එන වචනද මන්දා ඒව නම්..

කොච්චර හිනා වුනාද..
උඹයි මායි කොච්චර සතුටින් හිටියද..?

සමහර දාට අත වැදිලා හරි
කම්මුල වැදිලා හරි කතා කර කර
ඉන්න ගමන් වැරදිලාවත් ෆෝන් එක
කට් වුනොත් උඹ මට කොච්චර බැන්නද..
කතා කර කර ඉද්දි කට් කරා කියලා හිතලා
මම ඕන කමින්ම..

ඔවු බන් උඹේ එක සැර වචනෙකුත් ඇති
මගෙ කටහඬ වෙව්ලන්න..
ඒ බයට..උඹට මං හරි බයයි මැනික..

ඒ බව දන්න උඹ
මගේ කටහඬ වෙනස් බව දැනිලා
අනේ සුදු මැණික sorry ඉතින් කියද්දි තමයි බන් මට ඇඬෙන්නෙ..
මට බෑ ඉවසගන්න..
ඒ තරමටම මං උඹට ආදරේ දුන්නා..

ජිවිතේ හැම තත්පරේකම
උඹට මාවත්
මට උඹවත් නැතුවම බැරි වුනා.

ඇත්තටම ආදරේ කියන අකුරු හතර
මේ තරම් ලස්සන හැඟීමක් කියලා
උඹමයි මට කියලා දුන්නේ..

රෑ තිස්සෙත් නින්දක් නෑනෙ ඉතින්
අපි දෙන්නට..
සමහර දාට දෙන්නා තරඟෙට
ගේම් ගහනවා..

සමහර දාට වීඩියෝ කෝල් අරන්
ඔහේ මුණට මූණ බලන් ඉන්නවා..
සමහර දාට උඹට එහෙන්මම
නින්ද යනවා..
උඹ හයියෙන් හයියෙන් හුස්ම ගනිද්දි
උඹට තදටම නින්ද යනකන්ම
අහගෙන ඉඳලා උඹ ලඟ නැති දුකට අඩලා තමයි මම නිදා ගන්නෙ..

ඒත් මැවි මැවී පේන්නෙම
උඹෙ රූපෙමයි බන්..
ඇත්තටම මං උඹට වහ වැටිලා උන්නෙ..
මං දන්නෑ බන්..
මේ තරම් කෙනෙක්ට ආදරේ දෙන්න පුළුවන් කියලා
මං දැනන් උන්නෙ නෑ බන් උඹ මුණ ගැහෙනකන්ම..
ඔය වගේ ආදරයක් ලබන්නත්
ඇත්තටම මං ගොඩක් වාසනාවන්තයි කියලමයි මම හිතන් උන්නෙ..

ඒත් රත්තරනේ..
උඹටයි මටයි මේ මොකද වුනේ..
දවසක් තියා එක පැයක් වත්
මැසෙජ් එකක් කෝල් එකක්
නොදී හිටිය නැති උඹ
ටිකෙන් ටික කෝල් මැසෙජ් කරන එක
මගඇරියා..

දවසටම සිය සැරයක් කෝල් දිදී
මා ගැන හොයා බලාපු උඹ
මට කෝල් නොගෙනම හිටියා..

මං එවන මැසෙජ් ගනන් නොගෙන
එක රිප්ලයි එකක්වත් නොදා
උඹ සෑහෙන්න මාව මග ඇරියා..

ඒත් මං උඹ පස්සෙන් ආවෙ පිස්සු වැටිලා..
මොකද මට උඹව ඕන නිසා..
උඹ නැතුව මොහොතක් ඉන්න බැරි මම
කොහොමද උඹ මේ කරන වෙනස් කම්
දරාගත්තෙ කියලා උඹ දන්නවද මැනික..

අඬලා අඬලා රතුවෙලා
ඉඳිමිච්ච ඇස් එක්ක..
පාරක ගියත් මිනිස්සු හැරි හැරී බලද්දි
මට ම සිහියක් නෑ මැනික
හරියට ඇඳුමක් ඇඳ ගන්නවත්..

ඒ තරමටම අවසිහියෙන් වගේ
මං උන්නෙ..
දන්නවද උදේ නැගිටපු ගමන්
මූණවත් හෝදන්නෙ නැතිව
ඔහේ වැටිලා උඩබලාගෙන උන්නු
එක විතරමයි මැණික මම කරේ..
උඹ දන්නෙ කොහොමද මං විඳවපු තරම..

කොච්චරක් උඹට කෝල් ගත්තද..
කොච්චරක් උඹට මැසෙජ් එව්වද..
ඔවු උඹේ අවසන් වචන ටිකත්
මං අහගත්තා බං..

මං උඹට හරි ආදරෙයි
අයියේ කියාපු ඔය කටින්ම
මට උඹව එපා කියලා අහගනිද්දි
කොහොමද බං උඹට ආදරේ දුන්නු
මේ පපුව උහුල ගන්නෙ ..

කොහොමද කියාපන් බන්
එක පාරටම ආදරේ කරපු හිතක්
ඔය විදියට වෙනස් වෙන්නෙ..

ඔවු උඹට අළුතෙන් ආදරයක්
හම්බවෙලා..
උඹට එයාව මට වඩා ලස්සනයි ලු..
ඇත්තටම මං ඒ වචන ඇහුවෙ
හීනෙන් වගේ..
ඒත් දෙයියනේ ඒක හීනයක් නෙවෙයි..
කොහොම උහුලගත්තද දන්නෑ බන් මම..

උඹ ඇත්තටම මාත් එක්ක
ගතකරපු ඒ ලස්සන අතීතෙට
තාමත් මං හරි ආදරෙයි බන්..
මොකද මං ආදරේ වින්දෙ උඹෙන්..

ආදරේ ඉගෙන ගත්තෙ උඹෙන්...
ඇත්තමයි බන්
ආදරේ බොරුවක් කියලා
උගන්නලා ගියෙත් උඹමයි..
විරහව කියන්නෙත්
මොකක්ද කියලා
මං හොඳටම ඉගෙන ගත්තෙත් උඹෙන්..

කමක් නෑ බං..
උඹේ මතක ටික හිත අස්සෙ
ඔහේ තිබ්බදෙන්..
සමහර විට ආයෙ ආදරයක් ගැන
හිතන්න මේ හිත ගොඩක් බයවෙයි..
මොකද මේ වේදනාව
ආයෙම විඳින්න බැරි නිසා..

ආදරේට බොරු කරන උන් ඉස්සරහ
ආදරේ කියන්නෙම බොරුවක් කියලා
හිතන අය වැඩි වෙන එක
අහන්නත් දෙයක්ද..?
ඉතින් වෙන්නෙ තමන්ට අවංකවම ආදරේ දෙන්න හදන අය ගැනත්
අපි එහෙමම හිතන එක..

ඉතින් ආදරේ කරද්දි
ආදරේ ගොඩක් දීලා
ඒ හිත මගදි අතාරින්න එපා..
දරාගන්න ටිකක් හරි ශක්තිය
තියෙන කෙනා
ටික දවසකින් හිත හදාගන්නවා..

ඒත් එහෙම හිත හදාගන්න බැරි කෙනා
ක්ශනික තීරණ අරන්
ජීවිතේ නැති කර ගන්නවා..

සමහරු පිස්සන් කොටුවල
සැරින් සැරේට කරන්ට් එකට යට වෙවී
දුක් විඳිනවා..

ඉතින් ඉල්ලන්නෙ මෙච්චරයි
කවදාවත්ම කාටවත්
බොරුවට ආදරේ දීලා
අතාරින්න එපා..

උඹෙනුත් මං ඉල්ලන්නෙ එච්චරයි මැනික
එක හිතක් ගාව සදහටම නැවතියන්..
උඹ සතුටින් නම් මට ඒ ඇති දිනූ ..

ඒත් දිනූ මෙන්න මේකත්
හොඳට මතක තියා ගනින්
මං තරම් උඹට ආදරේ දෙන කෙනෙක් නම්
උඹට මුණ ගැහෙන එකක් නම් නෑ..
මොකද ඒ තරමටම
උඹව රැක්කා මම,උඹට ආදරේ දුන්නා මම..

උඹේ ඔය අළුත් ආදරේ ළඟ සැනසෙද්දි
අනිවාරෙන්ම මං උඹට දුන්නු
ආදරෙත් උඹට මතක් වෙනවාමයි..
මොකද මගේ ආදරේ එක හිඩැසක්
ඇති වෙන්න දුන්නෙ නෑ මම..

හැබැයි ආපස්සට හැරෙන්න
හිතන්නවත් එපා..
මොකද උඹව මේ හිතින් අතාරින්නබැරි වුනත් මන් මගේ ජීවිතේ.අතාරිනවා ..
ඒ මතක ටික එහෙන්මමයි.

ඒත් මම නෑ උඹගේ හිතේ කොනකවත්.

  • මන් කරපු ආදරේ වදයක් වුනේ උඹට හැමදේටම වඩා අලුත් එකාව ලොකු වුන.නිසයි. ඒත්  මම උඹට  දුන්නු ආදරේ උඹ දැක්කේ වැරදියටයි.ඒ ටිකත් මතක තියාගනින්..

මොකද ආදරේ කරා වගේම
මම උඹ මගේ ආත්මයම කරගත්තා..


මේ තරම් ආදරේ දීලා රකිද්දිත්
උඹ වෙන හිතක් ළඟ
නතර වුනා කියන්නෙම
උඹ හදන්න පුළුවන් එකෙක් නම් නෙවෙයි..

සත්තයි ඒ ලස්සන මතක ටික පරිස්සම්..
ඒත් උඹ මේ හිතින්
කැපිලා ගිහින් ඉවරයි බන් සදහටම..

බුදුසරණයි


Friday, April 24, 2020

රත්තරනේ උබටයී මේ..
කවදාකවත් උබ තේරුම් නොගත්තු මගේ දුක...
ඔව් උබ කියන වචනයක් ගානේ මං පිච්චුනා...

ඒත් මං උබට වචනයක් කීවද නෑ..
උබ හැමදාම ඌ ගැන කියද්දි මං ඉවසුවා...
ඔව් මට උබට නපුරුකම් කරන්න බෑ....

වැරැද්දක් නොකර මං වැරදි කාරයා කියද්දි මං දරා ගත්තා..
ඔව් මට බෑ උබට වෛර කරන්න ඒ නිසා...

උබ රණ්ඩු වෙලා කතා නොකර ඉද්දි..
මං පස්සෙන් ඇවිත් වැද වැටුනා...
ඔව් ඒ උබව ඕනේ නිසා....

උබ දුකින් ඉද්දි උබට වඩා මේ හිත දුක් උනා....
මොකද උබගෙ කදුලු දකින්න මං කැමති නෑ ඒ නිසා...

ඒත්...
මං කරන කියන හැමදේකදිම උබ ඌව මතක් කරන් හූල්ලද්දි...
මේ හිතත් පිච්චිලා අලු උනා....
උබට නොදැනුනාට....

මහමෙරක් තරම් මං දීපු ආදරේ උබට නොදැනුනා...
මේ ඇස් වලින් වැටෙන කදුලුවල වේදනාව උබ කවදාවත් තේරුම් ගත්තෙ නෑ....

ලග ඉන්න මගේ දුක නොදැක්ක උබට අනිත් හැමෝගෙන දුක දැනුනා....
නිකමටවත් උබට හිතුන් නැද්ද රත්තරනේ මේ අහිංකයා පව් කියලා....
උබගෙ හිත ඔච්චරටම ගලක්ද.....

මේ ඇස්වල කදුලු බලන් ඉන්න පුලුවන් තරම් මොන හිතකටද බන් හයියක් තියෙන්නේ...
මෙහෙම වැටෙන කදුලු දිහා බලන් ඉන්න...

ඔව් උබ ඒකත් කරනවා.
අනේ මැනික තුන් හිතකවත් නෑ උබ ගැන තරහක්..
මට දුක මං ගැනම.....

ඒ හැමදේකින්ම උබ හිනා උනානම් සතුටු උනානම්....
ඊට වඩා සතුටක් කොහේද මට.....

හැමදාමත් මේ වැටෙන කදුලු උබේ නමටම වැටෙයී..
ඒක ස්තීරයී..
සතුටින් ඉදපන් මයෙ මැනික.....

මේ වැටෙන කදුලක් ගානෙම මං පතන්නෙ උබගේ සතුට   ..

Thursday, April 23, 2020

#උඹ මාව දාලා ගියාට පස්සෙත්
විඳවලා විඳවලා
මං කොහොම හරි
හිත හදන් උන්නා..

උඹව එපා කියලම
මම හිත හදා ගන්න හදද්දිත්..
උඹව මට ඕනමයි කියල
යටි හිත මාත් එක්ක පොර බැදුවා..
උඹ දන්නවද මං විඳවපු තරමක්..?

මාව ජීවිතේම කරන් උන්නු උඹම
මට මෙහෙම කරයි කියලා
හීනෙකින්වත් මට හිතා ගන්න බැරි වුනා දිනූ .
අදටත් මට ඒ වේදනාව හීනයක්..
අනේ මං ඒ හීනෙන් ඇහැරෙනව නම්..
උඹ මගෙන් ගියා කියන එක
හීනයක්ම විතරක් නම්..
නෑ දෙයියනේ ඒක හීනයක් නෙවෙයි..😔

උඹ මට ආදරේ දුන්නු තරම්ම
දැන් උඹ මට වෛර කරනව ඇති..

මං කරපු එකම වැරැද්ද උඹට
මහ ගොඩක් ආදරේ දුන්නු එක..
මේ ඇස් දෙකේ තියන් උඹව රැකපු එක..
මගේ උණුහුමේ තියන් උඹව
පරිස්සම් කරපු එක..

#අපේ මේ ජීවිතේදි
හිතකට හරි ආදරයක් දැනෙන්නෙ
එකම එක පාරයි බන්..
ඔවු මට ඒ #උඹ..

ඒත් මට උඹ වුනාට
උඹෙ හිතේ එහෙම ආදරයක් උපන්නෙ
මං වෙනුවෙන් නෙවෙයි..

ඒක දැන ගද්දි උඹ මාත් එක්කත්
ගොඩක් දුර ඇවිත්..
මගේ හිත එක්ක මහා ගොඩක් ආදරේ
ගනුදෙනු කරලා
උඹ එයා එක්කත් ආදරේ කරලා..

ඉතින් උඹේ මායම් ආදරේට මං රැවටිලා..
උඹට නොකරපු දෙයක් තියෙනවද මං..
මං නැහීගෙන කරේම උඹට..
උඹ මත්තේම හිටිය මට
උඹ මේ දුන්නු තෑග්ග ඇති බන්
හොඳටෝම..

දකින්න ආස නොකරපු
හැම දේම මගේ ඇස් පනාපිටම දකිද්දි..
ඇත්තටම මට මාවම කලකිරුනා..
ඔවු උඹ වෙන කෙනෙක් ළඟ
මං ළඟ සැනසුනා වගේම..

කොහොමද බන් එහෙම කරන්නෙ
උඹ මටත් පන වගේ
ආදරේ දුන්න නේද..?
ඔය උනුහුමේ තියන් මාවත්
රැක්කා නේද.?
වචනෙන් කිව්ව
උඹේ ආදරේ බොරුවක්
විතරමද..?
උඹ මා එක්ක කල
හැඟීම් ගනුදෙනු පවා බොරුවක්ද..?

මට උඹව එකම වතාවක්
මුණ ගැහෙන්න ඕනි..
මට උඹෙන් අහන්න ඕනි
ඇයි උඹ මට මෙහෙම කරේ කියලා .
උඹ ගැන මහා ලොකු තරහක්
ඇති වුනා බන්..
උබෙ උනුහුමේ උන්නෙ මං..

ඒත් උඹ ඒ උණුහුමේම
වෙන කෙනෙක් තියන් රකිනවා..
ඔය උබේ සුසුමටත්
මං ආදරේ කරපු තරම්..
උඹට දැන් එයාගෙන් ඒ ආදරේ
ලැබෙනවද ඇති තරම්..

උඹ රැවටේවිදෝ බයකුත්
හිතේ දෙගෙඩියාවකුත් තියෙනව බන්..
මං ආස නෑ උඹ අමාරුවෙ වැටෙනවට..

තරහක් තියෙනවා
උඹ මට කල වංචාව නිසාම උඹ ගැන..
ඒත් මං ඇහේ තියාන රැක්ක උඹ
අමාරුවෙ වැටෙනවා මට
බලන් ඉන්න බෑ බං..
ඒත් එහෙම වුනත් උඹ විඳෙව්වත්
උඹව බේරගන්නත් මට බෑ බන්..

ජීවිතේ උඹම වෙනස් කර ගත්තනම්
මගෙන් මිදිලා
වෙන ආදරයක් හොයන් ගියා නම්
මට උඹෙන් වැඩකුත් නෑ..

මගේ ආදරේ මතක සැමරුම් එක්ක,
මගේ ආදරේ සුවඳ
උඹෙ ළඟින් යන්නත් කලියෙන්ම
උඹ තව කෙනෙක් එක්ක ඉඳිද්දිත්,
හිත හදා ගන්න මට බැරි වෙද්දිත්
මං කොහොම හරි මටම තරවටු කරන්
මගේ හිත හදා ගන්නවා බන්..

මගේ උනුහුමේ රැකුනු උඹ
තවත් කෙනෙක්ගෙන්
එක ස්පර්ශයකින් හරි
ඉඳුල් වුනදෙන්..
ඇත්තටම ඒ මොහොතෙ පටන්
මට කොහොමත් උඹව එපා බන්..

මේ තරම් උඹව රැකපු
ඇස් දෙක වගේ පරිස්සම් කරපු
මගේ මේ ආදරේට පයින් ගහලා
උඹ ගියානම්
ඇත්තමයි බන් උඹ
විඳවන්නත් ඕනිමයි..

මේ මං විඳවපු තරම්ම..
එතකොටවත් උඹට තේරෙයි හිතකට
වේදනාවක් දුන්නම
ඒ වේදනාවෙ තරම...

සාප කරන්නෙ නෑ බං..
ඒත් උඹටත් තේරුම් යන්නම ඕන
මං විඳපු වේදනාව..

ඇස් දෙකේ තියන් රැක්කෙ මම..
ඉල්ලන හැමදේම බෑ නොකියා
අරන් දුන්නෙ මම..
මටත් වඩා ආදරේ කරා මම..
උඹත් ආදරේ කරා මට..

අදටත් හිතා ගන්න බෑ බන්
උඹව මට අතෑරුනෙ කොහෙන්ද කියලා
උඹ මා එක්ක උන්නු හැටි
මගේ ෆෝන් එකේ පිරුනු
උඹේ ෆොටෝස්,උඹේ මැසේජස්,
චැට් ලිස්ට්
එහෙන්මම තියෙනවා බන් තාම..

තවමත් මට ශක්තියක් නෑ ඒවා
ඩිලිට් කරලා දාන්න..
මොකද ඒ මතකෙටත් මං
ගොඩක් ආදරෙයි..
හිත රිද්දගෙනත් තාමත්
ඒ මතක අස්සෙ
මං හොයනවා ඉස්සර හිටිය උඹව..

ඒවා බල බල මං තාමත් හොයනවා
මගෙන් වුනු අතපසුවිම මොකක්ද කියලා
උඹ එයාට ලං වෙන්න තරම්ම..

මට මෙන්න මේ ටික
උඹෙන් දැන ගන්න ඕන..
වේදනාවෙන් නලියන
මගේ මේ හිතට සහනයක් දැනෙයි යන්තමට හරි..
මගෙන් මිදෙන්න හේතුව මොකක්ද
මට එච්චරයි දැන ගන්න ඕන..

ඔවු උඹව එකම එක වතාවකට
මට මුණ ගැහෙන්න ඕන
උඹෙන් අහන්න ඕන මට
ඇයි උඹ මට මෙහෙම කරේ කියලා ..

ඔවු මට ඒ ඇති..
උඹට ඕන තරම් උත්තර තියෙයි..
උඹ ගොළු වෙයි..

ඒත් උඹ මට
හරි උත්තරයක් දෙන්නම
ඕනමයි 

Wednesday, April 22, 2020

දන්නවද හැමෝම කියනවා මට වෛර කරන්නලු ඔයාට....
හිනාවෙවී දග කර කර උන්නු මම මෙහෙම පැත්තකට වෙලා කල්පනා කරන තැනට දැම්මට, හිනාව මගේ මූනෙන් අතුරුදහන් කරාට, තිස්සෙම කදුලු පුරව ගත්ත ඇස් උරුම කරාට වෛර කරන්නලු ඔයාට...

එයාලා නොදන්නවා උනාට මම ඔයාට වෙනදටත් වඩා දැන් ආදරේ කරනවා...
හේතුව මට "විරහව" කියන රහ හුරු කරාට, ජීවිතෙ කිසි දෙයක් සදාතනික නැති බව කියලා දුන්නට, ආදරේ,,,, ආදරේ කියන්නෙ
මහම මහ බොරුවක් කියලා ඉගැන්නුවට...

එයාලා කියනවා කෙනෙක් ඒවිලු ආයම මට හිනාව අරගෙන, සතුට අරගෙන...

මට නං ඒක විහිලුවක්...

ආදරේ කියන්නෙ මහම මහ ආත්මාර්තකාමී හැගීමක්....
තව කෙනෙක්ගෙ හැගීම් සෙල්ලමකට අරගෙන තමන්ගෙ ඕනෑ එපාකම් ඉශ්ට කර ගන්න මිනිස්සු හදා ගත්ත ලේසි වචනයක් අාදරය කියන්නෙ....

අවංකකම, විශ්වාසය කියන්නෙ ආදරය ඇතුලෙ විහිලුවක්. රැවටීම, වංචාවට මිනිස්සු දුන්නු ගෞරවනීය නම තමයි ආදරේ කියන්නෙ...

කැඩුනු වීදුරු කොයි තරම් හැදුවත් පලුදු එහෙමමයි...
මගේ හිතත් ඒ වගේ දැන්...
හැගීම් මරලා දාලා ඉවරයි දැන්
හුස්ම වැටෙන රොබෝ කෙනෙක් මං...
ඒ ජීවිතේ හොදයි
හැගීමි ඉස්සර කරගෙන විදවනවට වඩා...


හිත කියන්නෙම
හුස්ම අතඅැරපන් කියලා...
උබ දුන්නු තනිකම, පාලුව,
නුහුරු නෑ මට...
මොකද උබ එන්න කලිනුත්
මගේ ලග මගේ තනියට හිටියේ...
ඒ දෙන්නා විතරක් නිසා..
ඒත් උබ දුන්නු වේදනාව
දරා ගන්න බැරි නිසා හිතට
විදවලම හති වැටිලා හිත
හුස්ම අතඇරපන කියන තරමට.....

ඇස් කියන්නෙම
සදහටම නිදා ගනින් කියලා...
උබ නිසා ගෙවන නිදි නැති රැයවල්
නුපුරුදු නෑ මට...
මොකද උබ එන්න කලිනුත්
වැඩිපුරම රැය ගෙවුනෙ
නිදි නැතුව නිසා...
ඒත් උබ දුන්නු කදුලු හලලම
අැස් හති වැටිලා හොදටම
සදහටම නිදා ගනින් කියන තරමට....

මූන කියන්නෙම
සදහටම යට වෙයන් පස් ගොඩකට කියලා..
උබ නිසා මූනෙන් නැති උන සතුට..
මට හිමි දෙයක් නෙමෙයි කවදාවත්ම...
ඒත් උබ උදුර ගත්තු හිනාව වෙනුවට
ලෝකයක් ඉස්සරහා
බොරුවට හිනා වෙලාම
හති වැටිලා මුලු මූනම
පස් ගොඩකට යට වෙලා...
සදහටම හිටපන් කියන තරමටම

ඒත්.....
උඹේ මතක සුවද තාම තියෙන
උඹේ හාදු වල උණුහුම තියෙන
උඹේ පපුවෙ ගැස්ම තියෙන
උඹේ රෑපෙ ඇදුන
මගේ ආත්මය නම් කියන්නෙ
ඒ මතක එක්ක
හාදු වල උනුහුම එක්ක
පපුවෙ ගැස්මත් එක්ක
උඹේ රෑපෙත් එක්ක
දවසක හුස්ම නවතිනකල්
උබ නැතුව
උබ එක්කම ඉන්න.......

Saturday, April 11, 2020

කාලෙකට කලින් ආදරෙන් ඉඳලා
දැන් ඒ ආදරේ නැතිව
විඳවන හිත් මොන තරම් ඇත්ද..?

තමන් ඒ ආදරේ කරපු කෙනාම
තව එකෙක් හරි එකියක් එක්ක හරි සැරින්සැරේට ෆ්බී
ෆොටෝස් දානකොට
ඒවා බල බලා
හිත් කොච්චර රිද්ද ගන්නවා ඇත්ද..?

අනේ මේ මට පනටත් වඩා කාලයක්
ආදරේ  දුන්නු කෙනාමද මේ කිය කියා
කොච්චර හිතින් විඳෝනව ඇත්ද..?

ඉස්සර තමන් එක්ක ෆෝන් එකේ
එල්ලිලා උන්නු එයා
අදටත් ඔන්ලයින් ඉඳිද්දි
තමන්ට එක මැසෙජ් එකක්වත්
නොදා ඉඳිද්දි
එයා දැන් අළුත් කෙනා එක්ක
සතුටින් ඇති නේද..?
මං එක්ක වගේම එයා එක්කත්
පැය ගනන් කතා කරනවා ඇති නේද..?
කිය කියා හිත හිත
කොච්චරවත් ඇස් තෙමා ගන්නවා ඇත්ද..?

අනේ මට ආදරේ කිව්ව තරම්ම
දැන් එයාටත් ආදරෙයි කියනවා ඇති නේද
කියල හිත හිතාම කොච්චර
හිතින් පිච්චෙනවා ඇත්ද..?

මා එක්ක හුරතල් වුණු විදියට
මා එක්ක හිනා වුණු තරමට
දැන් එයා එක්කත් එහෙම ඉන්නව
ඇති නේද කියලා හිත හිත
ඇස් කඳුළින් තෙමා ගන්නවා ඇත්ද..

එයා ඔන්ලයින් ඉන්නවා දකින්නත්
හොයා බලන්නවත් බැරිවෙන්න
බ්ලොක් කරලා දාල නම්
අනේ එයා ගැන
තොරතුරක් හොයා ගන්නවත් බැරිව
කොච්චර  පසු තැවෙන අය ඇත්ද.?

මහ රෑටත් අවදි වෙවීම
බලන්නෙත් අනේ එයා ඔන්ලයින් ද කියලා
ඒක දුකක් වුනත්
එහෙම හරි දැකලා සනස ගන්න හිත් කොච්චර ඇත්ද..?

එකම එක මැසෙජ් එකක් දාලා
එකම එක සැරයක්
තමන් හොඳින්ද කියලා අහනකම්
කොච්චර හිත් මග බලන් ඇත්ද..?

මොන දුකක් ආවත්
අනේ එයාවත් ළඟින් උන්න නම්
කියා හිත හිතාම තවමත් දාල ගිය එයා ආපහු එයි කියලා මග බලන හිත්
කොච්චර ඇත්ද..?

හීනෙන්වත් දැක ගන්න එකම එක
වතාවකටවත් එයාගෙ රූපෙ,
අනේ ඒ ඇස්වලට හරි හැටි
නින්දක්වත් නැතිව දුක් විඳින අය කොච්චරවත් ඇත්ද..?

තමන් ගැන නිතරෝම හොයා බලාපු,ලෙඩක් හැඳුනත් දුක් වෙච්ච
කලබලවෙච්ච,බෙහෙත් ගන්න කියලා තරවටු කරපු එයා දැන්
තමන් උන්නද මලාද කියලවත්
නොබලද්දි අනේ එහෙම වුනේ
කොහොමද කියලා හිත හිතාම
අඬන හිත් කොච්චර ඇත්ද..?

තමන් එක්ක හැමදේම කියපු
තමන් එක්කම අඬපු,හිනාවුනු එයා
දැන් අලුත් කෙනා එක්ක
එහෙම ඉන්නවා ඇති කියලා හිත හිතාම
විඳවන හිත් කොච්චර ඇත්ද ?

කාලෙකට කලින්
නැහීගෙන ආදරේ කරපු උන්
අදටත් ඉන්නවා
ඒ ආදරේ අමතක කර ගන්න බැරිව
හිතින් මහා ගොඩාක් විඳව විඳව..

සමහරුන්ට
කාටවත්ම කියාගන්න
බැරි රහස් ඒවා..
ජීවිතේ ඉතින් විඳෝනවා හැම මොහොතකම මතක් කර කර
තනියම..

හැමදාකම මහරෑට තනි වෙද්දි
ඒ වේදනාත්මක මතක
කාටවත්ම රහසින් අඬවනවා
ඒ හිත්  මහා ගොඩක්..
අසරණයි ඇත්තටම ඒ අය..

කවුද හිතන්නෙ තමන් නැහීගෙන
ආදරේ කරන එයා තමන්ව දාලා යයි කියලා
ඉතින් හිතේ පුරෝගෙන ආදරේ දෙන්නෙ..
පණ වගේ රකින්නෙ..
ඒ වගේම ආදරයක් තමන්ට දීලත්
අනේ ඇයි අතරමග දාලා ගියේ කියන
ප්‍රශ්නෙත් ඔළුවෙ තියන්
හැමදාම විඳවනවා ඒ අසරණ හිත්..

කවදාවත්ම දාලා යන්න බලන්
කාටවත්ම ආදරේ කරන්න එපා..
මොකද හිතක අවංකවම අසීමිතවම
ආදරයක් ඇතිවෙන්නෙ
එකම එක පාරයි
ඒ එකම කෙනෙක් වෙනුවෙන් විතරමයි..
ආයෙ ඒ ආදරේ
වෙන කාටවත්ම දෙන්න බෑ..

හිතකට වේදනාවක් දෙන්න බලන් මහා ලොකු බලාපොරොත්තු දෙන්න එපා..
ඒක මහා පවක්..

ඉතින් හැමෝටම කියන්නෙ
කාගෙවත් හිතකට ආදරේ දීලා බලාපොරොත්තු වලින් පුරෝලා
අතරමග දාලා යන්න බලන් නම්
ආදරේ කරන්න එපා..

මොකද ඒ කැඩුනු හිත අයිති කෙනා
ඔයාව ජීවිතේම කරන් ආදරේ කරනවා
වෙන්න පුළුවන් .

ඒ වගේ අය තමා
වැඩි හරියක්ම මානසික රෝහල් වල ප්‍රතිකාර ගන්නෙ..
ඩිප්‍රෙශන් කිය කියා
බෙහෙත් පෙති ගිලින්නෙ..

ඉතින් ඔයා ඔයාට අවංක වෙන්න..
එක හිතකට ආදරේ දෙන්න..
වේදනාවක් දීලා
මග නතරවෙන්න බලන් නෙවෙයි..
ජීවිතේ ගොඩක් දුර යන්න බලන්..

එතකොට විඳවන හිත්..
හැමදාම අඬන ඇස්..
ආදරේ ගැන කලකිරුන හිත්
නොතිබෙන්නට තිබුනා
මේ තරම්..

බුදුසරණයි 🙏

 ❤️🐇